FAST NEWS

24×7 Around the Globe

ETI තැන්පත්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම යළි කැඳවීමට දින තීන්දුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ETI තැන්පත්කරුවන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 25 වනදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (30) නියෝග කළේය.  

ETI සමාගම සතු වත්කම් අත්පත් කරගනිමින් මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගෙන් තැන්පත් මුදල් ආපසු ගෙවන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම සංගමය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බි. දෙහිදෙණිය සහ එස්. තුරෙයි රාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම සලකා බලනු ලැබීය.