FAST NEWS

24×7 Around the Globe

තවත් පුද්ගලයින් 1441ක් ස්වයං නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත තුළ ඊයේ (29) දිනයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල හැසිරුණු තවත් පුද්ගලයින් 1441 දෙනෙකු දින 7 ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.  


මීට පෙර ද බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල රැදී සිටි තවත් පුද්ගලයින් 1217 දෙනෙකු නිරෝධායනයට යොමු කරනු ලැබීය.

කොරෝනා ව්‍යාප්තිය අවම මට්ටමක පැවතියත් නිරෝධායන රීතීන් අනුගමනය කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.