FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළඳපොළ පහළ බසී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ (29) දිනයේ සුළු වශයෙන් පහත වැටුණු අතර, සමස්ත මිල දර්ශකය දිනය අවසන දී 5153. 77 ක් ලෙස සටහන් වී ඇති බව එහි වාර්තාවල සඳහන් වෙයි.  

කොටස් වෙළදපොළ ප්‍රධාන සමාගම් ලෙස නියෝජනය කරන එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය දිනය අවසන දී සටහන් වූයේ 2277.32 ක් ලෙසයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළදපොළේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.2 කට ආසන්න වී ඇත.