FAST NEWS

24×7 Around the Globe

MH17 වාර්තාව කරළියට – හේතුව රුසියානු බක්-මිසයිල ප්‍රහාරයක්

MH17 යානය රුසියාවේ නිෂ්පාදිත බක් මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇති බව නෙදර්ලන්තය අද (13දා) නිකුත් කළ විශේෂ වාර්තාවේ දැක්වෙයි.

‍2014 අප්‍රේල් මාසයේදී නැගෙනහිර යුක්රේනයට ඉහළ අහසේදී පුද්ගලයන් 298 දෙනෙකු සමග මැලේසියානු ගුවන් සේවයට අයත් මෙම යානය විනාශ විය.

ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් යානය පිළිබඳව පැවති පරීක්ෂණවලින් පසුව එරට ආරක්ෂක මණ්ඩලය විසින් මෙම වාර්තාව ඉදිරිපත් කළ අතර, යානයේ ඉදිරිපස කොටසේ වම්පසින් මිසයිලය වැදී ඇති අතර, පසුව යානය කොටස්වලට කැඩී ඇති බවද එම වාර්තාවේ දැක්වෙයි.