FAST NEWS

24×7 Around the Globe

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් සුභසාධන කොට්ඨාශය වෙත මාරු කිරීමට පොලිස් කොමිසම නිර්දේශ කර තිබේ.  

වැඩ බලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති කේ. අපොන්සු පත් කිරීමට ජාතික පොලිස් කොමිසම ආවරණ අනුමැතිය ලබා දී ඇත.