FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම අද (30)  දිනයේ ආරම්භ කෙරේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ හෙට (01) සහ අනිද්දා (02) දිනවලදී ද තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම සිදු කෙරෙන බවයි.

අගෝස්තු මස 05 වන දින පැවැත්විමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දයදීමට පුද්ගලයින් හත් ලක්ෂ 53,037 දෙනෙකු ඉල්ලීම් කර තිබූ අතර ඉන් හත් ලක්ෂ 5,085 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

තැපැල් ඡන්ද අයදුම්පත් 47,430ක්  ප්‍රතික්ෂේප කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ හැර තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මස 14 සහ 15 යන දිනයන්හිදී සිදුකිරීමට නියමිතය.