FAST NEWS

24×7 Around the Globe

යල කන්නයේ වී මිලදී ගැනීම අදින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද (28) ආරම්භ වන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.  

වී අලෙවි මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම මහතා පැවසුවේ දිස්ත්‍රික්කයෙන් එම කටයුතු අද ආරම්භ කරන බවයි.

පසුගිය මහ කන්නයේදී වී ටොන් 25,600 ක් මිලදී ගෙන ඇති බවත් , ඒ වෙනුවෙන් රජය රුපියල් මිලියන 1200 ක මුදලක් යෙදවූ බවත් මාන්නප්පෙරුම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.