FAST NEWS

24×7 Around the Globe

වසන්ත කරන්නාගොඩ අද ජනපති කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (29) පෙරවරුවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමේ දී පළිගැනීමේ චේතනාවෙන් යුතුව තමන්ට එරෙහිව කටයුතු කර ඇති බව පවසමින් වසන්ත කරන්නාගොඩ විසින් ජනපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඊට අදාළව සාක්ෂි ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.