FAST NEWS

24×7 Around the Globe

උපකාරක පන්ති ආරම්භ කිරීමට අද සිට අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නවතා දමා තිබූ සියලු උපකාරක පන්ති සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ආරම්භ කිරීමට අද (28) සිට අවසර හිමිවේ.  

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන්කර සිටියේ අදාළ උපකාරක පන්තිය පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් පන්තියක් සදහා සහභාගී කරවා ගත හැකි උපරිම සංඛ්‍යාව 100 ක් බවයි.

එමෙන්ම 100 කට වඩා අඩු සිසුන් සංඛ්‍යාවකට ඉගැන්වීම් කටයුතු කෙරෙන උපකාර පන්ති වලට කැඳවිය හැකි වනුයේ එම සිසුන් සංඛ්‍යවෙන් හරි අඩක් පමණයි.

කෙසේවෙතත් උපකාරක පංති ගුරුවරුන් ඇතුලු පාර්ශව කිහිපයක් රජයෙන් ඉල්ලා තිබුණේ උපරිමය 500 දෙනෙකු උපකාරක පංති සඳහා ගෙන්වීමට අවසර දෙන ලෙසටයි.