FAST NEWS

24×7 Around the Globe

ප්‍රමිතියෙන් තොර දඟර වානේ කම්බි සොයා දිවයින පුරා මෙහෙයුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රමිතියෙන් තොර දඟර වානේ කම්බි සොයා දිවයින පුරා විමර්ශනයක් ආරම්භ කෙරේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ ලැබුණු පැමිණිල්ලක් මත වෙළෙඳපොළේ ඇති දඟර වානේ කම්බි පරීක්ෂා කරන බවයි.

දැනට වෙළෙඳපොළේ ඇති ඇතැම් වානේ දඬු නියමිත ප්‍රමිතියට නොමැති අතර අනුමත බර ද ඒවායේ නොමැති බවට පැමිණිලි ලැබී ඇත.

මේ නිසා නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ, දිවයිනේ සෑම දිස්ත්‍රිකයක්ම ආවරණය වන පරිදි සෑම වානේ නිෂ්පාදනයකින්ම ලබා ගත් සාම්පල පරීක්ෂණගාර වෙත මේ වනවිට යොමු කර ඇති බවයි.

මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල නොවෙන සියලුම දඟර වානේ දඬු නිෂ්පාදකයින්ට හා වෙළෙඳුන්ට විරුද්ධව අධිකාරිය පනත අනුව නීතිමය පියවර ගැනීමට නියමිතය.