FAST NEWS

24×7 Around the Globe

මෙවර මැතිවරණ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර මහ මැතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට පෞද්ගලික මැතිවරණ කාර්යාල පවත්වා ගෙන යා නොහැකි බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පැවසුවේ දේශපාලන පක්ෂ සඳහා දිස්ත්‍රික්ක හා ආසන මට්ටමින් එක් කාර්යාලයක් බැගින්ද, ඡන්ද පොළකට එක් කාර්යාලයක් බැගින්ද පිහිටුවිය හැකි බව ඔහු කීය.

ස්වාධීන කණ්ඩායම් සඳහා ද එම නීතිය එලෙසම වලංගු වන බවද කොමසාරිස්වරයා අවධාරණය කරයි.

සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට මුල් තැන දෙමින් මැතිවරණය කටයුතු පවත්වන බවද ඊට සෑම දේශපාලන පක්ෂයකම හා මැතිවරණයට තරග කරන ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබා දෙන ලෙසද කොමිසම ඉල්ලීමක් කරයි.