FAST NEWS

24×7 Around the Globe

ඇසළ පෙරහැරට අලි ඇතුන් අඩු වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් සහභාගී කරවා ගැනීමේ ගැටළු රැසක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අතර දළඳා කරඬුව වැඩමවීම සඳහා යොදා ගනු ලබන කතරගම වාසනා හස්තියා, ඉන්දිරාජා මෙන්ම නැඳුන්ගමුවේ හස්තියාද වේ.

ප්‍රවාහන ගැටළු හේතුවෙන් මෙම අලි ඇතුන් පෙරහැර මංගල්‍යයට සහභාගී වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.