FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාර්ඩ් නෞකාව මුදා නොහරින්නැයි නාවික හමුදාවට උපදෙස්.

ඇවන්ගාර්ඩ් නෞකාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අවසන් වනතුරු එය මුදානොහරින ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නාවික හමුදාවට උපදෙස් ලබාදී තිබේ.

මෙරට මුහුදු සීමාවට ඇතුළු වු ඇවන්ගාර්ඩ් නෞකාව පසුගිය පස්වන දින ගාලු වරායට ආසන්න මුහුදේ දී නාවික හමුදාව බාරයට පත් වුණි.

කපිතාන්වරයා විසින් ලබාදුන් තොරතුරු සාවද්‍යය බැවින් නාවික හමුදාව විසින් අදාළ නෞකාව සහ එහි කාර්යය මණ්ඩලය සිය බාරයට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

මෙම නෞකාව සම්බන්ධයෙන් නාවික හමුදාව විසින් මූලික පරීක්ෂණයක් සිදුකර ඊට අදාළ වාර්තාව මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශය වෙත බාරදී තිබේ.

ඒ අනුව නෞකාව සම්බන්ධයෙන් තවදුරටත් ස්වාධීන ත්‍රිපුද්ගල කමිටුවක් හරහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් කරුණසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.