FAST NEWS

24×7 Around the Globe

අදත් පළාත් කීපයකට තද වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (26) දිනයේ පළාත් කිහිපයකට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ ද තවදුරටත් පවතී යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුවථ මධ්‍යම සහ වයඹ පළාත්වල හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඒ අනුව මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකියි.

අද පෙරවරු 8.30 වන විට වැඩිම වර්ෂාපතනය ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගලින් මි.මී 107.0ක් වාර්තා විය.

රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ප්‍රදේශයෙන් මි.මී 101.5 ක් ද කළුතර දිස්ත්‍රික්කයේ හල්වතුර ප්‍රදේශයෙන් මි.මී. 100 ක් ලෙස ද වර්ෂාපතනය සඳහන්ය.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ කහන්විට ප්‍රදේශයෙන් මි.මී 97ක් හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලවැදි උල්පත ප්‍රදේශයට මි.මී. 83 ක්, අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව ප්‍රදේශයට මි.මී. 82.5ක් මෙන්ම නුවරඑළිය දිස්ත්‍රක්කයේ වටවල ප්‍රදේශයට මි.මී. 81.5 ක් ලෙස වැසි ලැබී ඇත.