FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය සේවකයින්ට ලබාදුන් සහන චක්‍රලේඛයකින් ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය කාලයේ රාජ්‍ය සේවකයන්ට ලබා දුන් විවිධ සහන ඉවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් ඔවුන් සේවයට ගෙන ඒමට විවිධ සහන ලබා දුන්නේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් මෙම චක්‍රලේඛය නිකත් කර තිබේ.

ඒ අනුව පසුගිය සමයේ රාජ්‍ය සේවකයන්ගේ ඇදුම, සේවයට වාර්තා කරන වේලාව ආදිය පිළිබද ලබා දී තිබූූ සහන ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම චක්‍රලේඛය අනුව ඉදිරියට සාමාන්‍ය වේලාවට රාජකාරියට වාර්තා කළ යුතු බවත්, නියමිත ඇදුම් ඇඳිය යුතු බවත් අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.