FAST NEWS

24×7 Around the Globe

තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ලෙබනනයේ සිට දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් රැගත් ගුවන් යානය අද (26) අලුයම 5.40 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

“ශ්‍රී ලංකන් ගුවන්“ සේවයේ යූ.එල්.- 1506 දරන විශේෂ ගුවන් යානය ලෙබනනයේ, බේරූට් ගුවන් තොටුපළ වෙත ගොස් එහි රැඳී  සිටි මෙම පිරිස රැගෙනවිත් තිබේ.

පසුව ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව අප වර්තාකරු පැවසීය.