(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කෝවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ, ශ‍්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙල මේ වනවිට යළි ආරම්භ කර ඇති බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විදෙස් රැකියා සඳහා යාමට අපේක්ෂා කරන පුද්ගලයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ ඒ සම්බන්ධයෙන් නිසි උපදෙස් ලබාගත හැකි බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පැවසුවේය.
මේ වනවිට විදේශ රැකියා සඳහා යාමට අනුමැතිය ලබාදෙන රටවල් ලෙස ඊශ්‍රායලය , සයිප්‍රස් ,සිංගප්පුරුව,හොංකොං,මැලේෂියාව,ජපානය ,කොරියාව ප්‍රකාශයට පත් කර තිබේ.
තවද මැදපෙරදිග සමහර රට වලට ද ඉදිරියේදී යාමට කටයුතු සුදානම් කරන බව ද මංගල රන්දෙණිය සඳහන් කර සිටියේය.








