FAST NEWS

24×7 Around the Globe

වසන්ත කරන්නාගොඩට එරෙහි නඩු විභාගය තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.  

ඒ , 2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්.

කරන්නාගොඩ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරු විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් මහාධිකරණ නඩු විභාගය අත්හිටවනු ඇති.