FAST NEWS

24×7 Around the Globe

අයි.එස් ත්‍රස්තයෝ ඝාතන සඳහා දරුවන් පුහුණු කරන බව හෙළිවෙයි.

අයි.එස් ත්‍රස්තයින් මිනිස් ඝාතන සිදු කිරීමට දරුවන් පුහුණු කරන බව හෙළිව තිබෙනවා.

අයි.එස්. ත්‍රස්ත සංවිධානය අන්තර්ජාලයට එක්කර ඇති නවතම වීඩියෝ පටයක මෙසේ දරුවන් මිනිස් ඝාතන වලට හුරු කරවන දර්ශන ඇතුළත්ව තිබෙනවා.

එම සංවිධානය අමානුෂික ලෙස දරුවන් පැහැරගෙන ගොස් ඔවුන්ට මෙසේ බලහත්කාරයෙන් යුද පුහුණුව ලබාදෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණේ.

ඉරාකයේ හා සිරියාවේ අවුරුදු 11ත් 14ත් අතර දරුවන් මෙන්ම වයස අවුරුදු 10ට අඩු දරුවන් ද මේ අතර සිටින බවයි වාර්තා වන්නේ.