FAST NEWS

24×7 Around the Globe

සින්නයියා නඩරාජසිවම් අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීන නිවේදකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය නළුවෙකු වූ සින්නයියා නඩරාජසිවම් අභාවප්‍රාප්ත වෙයි.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදි ඊයේ රාත්‍රියේ ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වනවිට 74 වන වියේ පසුවූ ඔහු සිංහල සහ දමිළ ටෙලිනාට්‍ය රැසකට සහ චිත්‍රපට කිහිපයකටද සිය රංගනයෙන් දායකත්වය ලබාදී ඇත.

සින්නයියා නඩරාජසිවම්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.