FAST NEWS

24×7 Around the Globe

MCC සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අගමැතිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය’ (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව අද (24) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙන ලදී. 

හෙට (25) දිනයේ දී මෙම කමිටු වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.

‘සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව’ විසින් MCC ගිවිසුම සම්බන්ධයෙන් මාස 06ක කාලයක් අධ්‍යයනයක නිරත වූ අතර එහිදී විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගනු ලැබීය.

ඉන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුව එම කමිටුව විසින් නිර්දේශ සහිත වාර්තාව සකස් කර ඇත.