FAST NEWS

24×7 Around the Globe

මාලදිවයිනේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 169 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

අද (24) සවස 3.07ට පමණ මාලේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 4102 දරන විශේෂ ගුවන් යානයෙන් පමණ මෙම පිරිස මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් ගුවන්තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.