FAST NEWS

24×7 Around the Globe

රිය අනතුරකින් හමුදා සෙබළෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (24) පෙරවරුවේ ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම කන්ද, පාලම අසළදී සිදුවූ රිය අනතුරකින් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු ගමන් කළ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව පාලමේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. මෙම හමුදා සෙබළා දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.