FAST NEWS

24×7 Around the Globe

පාතාල නායකයන් 10 ක් අල්ලන්න ජාත්‍යන්තර පොලිසියෙන් සහාය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශයන්හි සිට අපරාධ සංවිධානාත්මක අපරාධකරුවන් දස දෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් (INTERPOL) රතු නිවේදන ලබාගෙන ඇතැයි අපරාධ හා සංවිධානාත්මක අපරාධ අංශය බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසීය. 

මින් වැඩි පිරිසක් මෙරට ප්‍රසිද්ධ පාතාල කල්ලිවල නායකයන් බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන ලබාගෙන සිටින මෙම අපරාධකරුවෝ සියලු දෙනා මෙරටදී මිනීමැරුම්, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම් හා ස්ත්‍රී දූෂණ යනාදී විවිධ අපරාධ සිදු කර නීතියෙන් බේරීම සඳහා විදේශයන්ට පලාගොස් සිටින අය වෙති.

මේ අපරාධකරුවන් මෙරටට රැගෙනවිත් නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රියන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් පැවසීය.