FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර රැදවියෙකු ගෙල වැළලාගෙන සියදිවි නසාගනී

(ෆාස්ට් නිව්ස් | මොනරාගල) – මොනරාගල බන්ධනාගාරය තුළදී රැදවියෙකු ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙන බව පොලිසිය පවසයි.   

මෙම රැදවියා විසින් බන්ධනාගාර රෝහල් වාට්ටුව තුළ දී ගෙල වැලලාගෙන ඇති අතර පසුව ඔහු මොනරාගල මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇත.

ජීවිතක්ෂයට පත්වූ රැඳවියා මීට පෙර අවස්ථාවකදී ද බන්ධනාගාරය තුළ දී සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

ඔහු බකිණිගහවෙල, මැදගම පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයෙක් වෙයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල බන්ධනාගාරය සහ මොනරාගල පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.