FAST NEWS

24×7 Around the Globe

තවත් කොටියෙකු මද්දකට හසුවී මිය යයි

(ෆාස්ට් නිව්ස් | නුවරඑළිය) – නුවරඑළිය – හෙල්බඩ වතුයායේ කොටි ධේනුවක සහ පැටවෙකු මද්දකට හසුවීමෙන් කොටි ධේනුව මියගොස් ඇත.  

තුවාල ලබා සිටින පැටවා බේරා ගැනීමට වනජීවි නිලධාරීන් මේ වනවිට කටයුතු කරමින් සිටින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේම අවස්ථා කීපයක මෙවැනි සිදුවීම් වාර්තා වුණු අතර , දුර්ලභ ගණයේ කළු කොටියෙකු මිය යාමේ සිද්ධිය සමාජයේ දැඩි කතාබහට ලක්විය.