FAST NEWS

24×7 Around the Globe

මත්කුඩු සමඟ ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | මහනුවර ) – ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් බවට සැකකෙරෙන කාන්තාවක් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනේ.

පොලිසිය පැවසුවේ හෙරොයින් මත්කුඩු පැකට් දෙකක් සමග ඇය අත්අඩංගුවට ගත් බවයි.

මහනුවර දඹගොල්ල ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගත බව මහනුවර පොලිසිය සඳහන් කරයි.

අදාල කාන්තාවට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇත.