FAST NEWS

24×7 Around the Globe

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමකට සම්බන්ධ විදෙස් ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස අධිකරණය ආසන්න ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

දිනුම් ඇදීමකින් මූල්‍ය ත්‍යාග හිමි වී ඇති බව පවසමින් සැකකාර විදෙස් ජාතිකයින් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

සැකකරුවන් අතර නයිජීරියානු ජාතිකයින් තිදෙනෙකු සහ උගන්ඩා ජාතිකයෙකු වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

ඔවුන් සතුව තිබී ක්‍රෙඩිට් කාඩ්පත් 15 ක් ද විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබේ.