FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ජාතිකයින් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (22) රාත්‍රීයේ විදේශීය නැව් සමාගම්වල සේවය කිරීම සඳහා ඉන්දීය ජාතිකයින් 151 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.

ඉන්දියාවේ මුම්බායි නුවර සිට ස්පයිස් ජෙට් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණියේය.

පැමිණි නාවිකයින්ගෙන් 11 දෙනෙකු කටාර් රාජ්‍ය වෙත පිටත්ව යාමට නියමිත අතර සෙසු නාවිකයින් 140 දෙනා කොළඹ වරායේ නැංගුරම්ලා ඇති නැවක සේවය කිරීම සඳහා පැමිණ තිබේ.

ඔවුන් සියලුදෙනා පී.සී.ආර්.පරීක්ෂණයකට ද ලක් කර තිබේ.