FAST NEWS

24×7 Around the Globe

සිනමා ශාලා විවෘත කිරීමේ දී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් සියලු සිනමා ශාලා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ජුනි 27 වනදා සිට දිවයින පුරා ඇති සියලු සිනමා ශාලා විවෘත කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට සිනමා ශාලා වසා දමා තිබුණි.