FAST NEWS

24×7 Around the Globe

කැලණිය සරසවියේ CCTV ගැලවීමේ සිද්ධියට සිසුන් 09 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිවකර තිබූ CCTV ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

පොලීසිය පැවසුවේ මෙම සැකකාර සිසුන් ඊයේ (22) අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

පසුගිය පෙබරවාරි මස 24 වන දින විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට සහ සිසුන්ගේ ආරක්ෂාව සඳහා සවි කර තිබූ CCTV කැමරා පද්ධතිය බලහත්කාරයෙන් ගලවා ඊට හානි කර තිබුණි.