FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

ඒ එම බන්ධනාගාරයේ රැඳවුවෙකුට සිම් කාඩ්පතක් ලබාදීමේ සිද්ධියකට අදාළවය.

අප කල විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ මෙලෙස සේවය අත්හිටවනු ලැබුවේ බන්ධනාගාරයේ ආපනශාලාව භාර නියාමකවරයාගේ බවයි.

මොහු මීට පෙර ද මෙලෙසම රැඳවියන්ට ජංගම දුරකථනයක් ලබාදී ඇති බවට අනාවරණ විය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වෙන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.