(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 19 වන දා තෙක් කල් තැබීමට නියෝග කර තිබේ.
එම නඩුව කැඳ වූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන්ට අංක 03 මහාධිකරණයේ වෙනත් නඩුවක ට පෙනී සිටීමට නියමිතව තිබෙන හෙයින් මෙම නඩුවේ සාක්ෂි විභාගය වෙනත් දිනයකට කල් දමන ලෙස ඉල්ලා ඇත.
නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඒ අනුව අගෝස්තු මස 19 වන දා තෙක් කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේය.








