FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ජාතිකයින් පිරිසක් සිය මව්රට වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (22) පෙරවරුවේ කොරෝනා වසංගත රෝග තත්ත්වය හේතුවෙන් ඉන්දියාවට යෑමට නොහැකිව මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් 43 දෙනෙකු සිය රට බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ රැකියා සඳහා පැමිණ සිටි පිරිසක් සහ මෙරට සංචාරක කටයුතු සඳහා පැමිණ පිරිසක් මේ අතර වන බව වාර්තා වේ.

අද පෙරවරු 9.23 ට මෙම පිරිස රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත් වී තිබේ.