FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රීයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුකූලව අනුගමනය කළ යුතු සෞඛ්‍යමය නිර්දේශ මෙම ගැසට් පත්‍රයේ අන්තර්ගත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් ක‍ළේය.