FAST NEWS

24×7 Around the Globe

දිය නෑමට ගිය එකම පවුලේ සිව් දෙනෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | වත්තල) – වත්තල දික්ඕවිට සුසාන භුමිය ඉදිරිපිට මුහුදු තීරයේ දියනාමින් සිටියදී එකම පවුලේ තරුණියන් තිදෙනෙකු සහ පිරිමි ළමයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

මියගිය පිරිමි ළමයා 14 හැවිරිදි අයෙකු වන අතර,සෙසු පිරිස අවුරුදු 16,20 සහ 30 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ  උස්වැටකෙයියාව, කඳාන සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.