FAST NEWS

24×7 Around the Globe

වැලිසර කඳවුර විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සතියේ සිට අදියර කිහිපයක් යටතේ වැඩිම කොවිඩ් නයින්ටීන් ආසාදිත නාවික හමුදා සාමාජිකයින් පිරිසක් හඳුනා ගැනුණු වැලිසර නාවික හමුදා කඳවුරේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් තොර කලාපයක් බවට ප්‍රකාශයට පත් කරමින් ඊට අදාල ලිපිය ඊයේ (19) දිනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නාවික හමුදාපතිවරයාට දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව කොටස් වශයෙන් වැලිසර නාවික හමුදා කදවුරේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර සඳහන් කළේය.