FAST NEWS

24×7 Around the Globe

පොලිස් කොස්තාපල්වරයෙකු සියදිවි හානි කර ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කල්මුණේ පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන ආකාරයට අදාල පොලිස් කොස්තාපල්වරයා පොලිස් ස්ථානයේ කාර්යාලයක් තුළ දී සිය රාජකාරි ගිනි අවියෙන් මෙලෙස වෙඩි තබාගෙන ඇත.

සියදිවි හානිකර ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ 21 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන් වේ.

සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්මුණේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.