FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ ඝාතන සෙවීමට විශේෂ කමීටුවක්.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඝාතනයට ලක්වීමේ සිද්ධීන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ මෙම කමිටුව පත් කිරීමට තීරණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඝාතනයට ලක්වීමේ සිද්ධින් පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය විමසා බැලීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණක්.

එමෙන්ම පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන්ද එම කමිටුව හමුවට කැඳවීමටද තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දරමින් සිටියදී ඝාතනයට ලක්වූ අය පිළිබඳවයි මෙම කමිටුව මගින් සළකා බලනු ලබන්නේ. ඒ අනුව ටී. මහේෂ්වරන්, නඩරාජා රවිරාජ්, ජෝෂප් පරරාජසිංහම්, ද.මු. දසනායක සහ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ යන මන්ත්‍රීවරුන්ගේ ඝාතන පිළිබඳ පරීක්ෂණ මෙම කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.