FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නිසා ශ්‍රී ලාංකිකයින් 23 දෙනකු මැද පෙරදිගදී මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය මාස 3 තුළ Covid-19 හේතුවෙන් මැද පෙරදිග රටවල සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙකු  මියගොස් තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්තාවන්ට අනුව අනුඑක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මරණ 8 ක්, කුවේටයෙන් 7 ක්, සෞදි අරාබියෙන් 6 ක් සහ ඕමානයෙන් 2 දෙනෙකු මියගොස් ඇත.

ඔවුන්ගේ අවසන් කටයුතු කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඔවුන්ගේ රටවල පවත්වා ඇති බවද වාර්තා වේ.