FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙරොයින් ග්‍රෑම් 51යි, මිලිග්‍රෑම් 595ක් සමග ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (18) කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 33ක් වූ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ 19 වන පටුමඟ, ස්ටේස් පාර, කොළඹ 14 යන ලිපිනයේ පදිංචිකාරිනියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අද (19) මෙම සැකකාරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.