FAST NEWS

24×7 Around the Globe

සංවිධානාත්මක අපරාධකරුවකු වන සබීත එස්.ටී.එෆ්. අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | රාගම) –  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රණසිංහ ආරච්චිලාගේ සබීත දිනේෂ් හෙවත් සබීත යන තැනැත්තාව ඊයේ (17) දිනයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.  

රාගම – හොරපේ දුම්රියපොළ ආසන්නයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක්, කිණිස්සක් සහ කේරළ ගංජා තොගයක් මෙන්ම මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මොහු රාගම ප්‍රදේශයේ සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයකට අදාළව ගම්පහ මහාධිකරණයෙන් වරෙන්තු ලබා සිටින සැකකරුවෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.