FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1947 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1947 දක්වා ඉහලගොස් තිබේ.

ඒ තවත් කොරෝනා ආසාදිතයෙකු ඊයේ(18) වාර්තාවීමත් සමඟය.

මේ අතර ඊයේ දිනයේදී පුද්ගලයින් 24 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර රෝගය වැළදී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,421 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 515කි.

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 22 කු  හඳුනා ගැනුණු අතර ඉන් 18 දෙනෙකුම ඩුබායි සිට පැමිණ නිරෝධායනය ලක්වන අය වේ.

ඊට අමතරව කටාරයෙන් පැමිණි දෙදෙනෙකු, රුසියාවෙන් පැමිණි අයෙකු සහ එක්සත් රාජධානියෙන් පැමිණි අයෙකු ද කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ හඳුනා ගෙන ඇත.