FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | හම්බන්තොට) – හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළඹෙන සඳුදා ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය දැනුම් දෙයි. 

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවනු ඇත.

ඒ අනුව, වීරකැටිය, වලස්මුල්ල, මුරුතවෙල, මැදමුලන, බැදිගම, මුල්කිරිගල සහ හොරේවෙල යන ප්‍රදේශවලට එළඹෙන සඳුදා පෙරවරු 8 සිට පස්වරු 8 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අඩාල වන ඇත.