FAST NEWS

24×7 Around the Globe

MH -17 යානය පිළිබඳ පරීක්ෂණයේ අවසන් වාර්තාව කරළියට.

මගීන් 298 දෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු එම්.එච්. 17 ගුවන් අනතුර සම්බන්ධයෙන් නෙදර්ලන්ත විශේෂඥයින් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණ වාර්තාව අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මැලේසියානු ගුවන් සේවයට අයත් එම යානය අනතුරට ලක් වුණේ නෙදර්ලන්තය සිට මැලේසියාව බලා පියාසර කරමින් සිටියදීයි. මෙම යානය කඩාවැටුණේ මිසයිල ප‍්‍රහාරයකින් බවටද මුලික විමර්ශනවලදී අනාවරණ වුණා.

අදාළ ප‍්‍රහාරය එල්ල කළ බවට චෝදනා එල්ල වූයේ යුක්රේන කැරළිකරුවන්ටයි. යානය කඩාවැටුණේ කෙසේදැයි පවතින විවිධ සැකයන්ට අද නිකුත් කිරීමට නියමිත අවසන් වාර්තාවෙන් පිළිතුරු සැපයෙනු ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

2014 වසරේ ජූලි මස 17 වැනිදා සිදු වූ මෙම ගුවන් අනතුරින් මියගිය පුද්ගලයින් 298 දෙනාගෙන් 193 දෙනෙකු නෙදර්ලන්ත ජාතිකයන් වනවා.