FAST NEWS

24×7 Around the Globe

රථවාහන දඩ පත්‍රිකා ගෙවීමට අතිරේක සහන කාලයක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා මෙම මස 30 වනදා තෙක් සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇත.   

මේ අනුව පොලිසිය විසින් පසුගිය පෙබරවාරි මස 16 වන දින සිට නිකුත් කර ඇති එහෙත් ගෙවීමට සම්මත කාල සීමාව ඉක්මවා ඇති දඩ පත්‍රිකා අතිරේක දඩ මුදලක් සමග ගෙවීමට මහජනතාවට අවස්ථාව දී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.