FAST NEWS

24×7 Around the Globe

ත්‍රිපෝෂ සෑදීමට අවශ්‍ය කිරිපිටි දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලට ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720 ක් දේශීය නිෂ්පාදිතකයන්ගෙන් තරඟකාරී මිල ගණන් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.  


ලංකා ත්‍රිපෝෂ සමාගම ඉකුත් වසර පහක් තිස්සේ මිල්කෝ සමාගමත් කිරිපිටි මිලදී ගත්තත් ඔවුන් මෙවර ඉදිරිපත් කළ මිල ගණන් වැඩිවීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

මිල්කෝ සමාගම කිරිපිටි කිලෝවක් රුපියල් 800 ක මිලට මීට පෙර ලබාදුන්න ද මෙවර රුපියල් 920 ක මිලක් ඉදිරිපත් කර ඇති නිසා මෙලෙස යළි මිල ගණන් කැඳවීමට තීරණය කර ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.