FAST NEWS

24×7 Around the Globe

ලෝක බැංකුවෙන් මෙරටට මූල්‍ය පහසුකමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 වෛරසයෙන් පසුව යළි නැගී සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක සහන කොන්දේසි මූල්‍ය පහසුකමක් ලබාදීමට ලෝක බැංකුව කටයුතු කර තබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඊයේ (17) රැස්වූ කැබිනට් මේ බව දැනුම් දී තිබේ.

කෘෂිකර්මය, දුරස්ත අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, පොදු ප්‍රවාහනය යන අංශ වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම යොදා ගැනීමට නියමිතය.