FAST NEWS

24×7 Around the Globe

290 දෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් ඩුබායි සිට පැමිණ තිබේ.

අද(18) අලුයම 5.35 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන විශේෂ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙම ගුවන් මගීන් පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත රෝහල් කාර්යය මණ්ඩලයක් විසින් , ගුවන් තොටුපලේදීම PCR පරීක්ෂණ සඳහා ලක් කෙරුණි.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.