FAST NEWS

24×7 Around the Globe

අගෝස්තු 01 න් පසු පැමිණෙන සංචාරකයින්ට PCR පරීක්ෂණ වැඩිවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අගෝස්තු 01 දායින් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින් සියලුදෙනා PCR පරීක්ෂණ 03 කට ලක්කෙරෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.   

අමාත්‍යවරයා සඳහන් කරන්නේ රට තුළට කොවිඩ් 19 වසංගතය නැවත පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කටුනායක ගුවන්තොටුපළ විවෘත කිරීම, සංචාරකයන් ගෙන්වා ගැනීමේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (17) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ජාවකදී ය.